ඉන්දිකා රාමනායක
ලංකා සතොස ආයතනයේ 2015- 2019 යන වසර වල සිදුවූ බව කියන වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ් සහ ෆාරුක් මොහොමඩ් ඉස්ලාම් යන දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුගේ කින්නියා නිවසේදී ද සෙසු පුද්ගලයා මාතලේ ප්‍රදේශයේ දී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

