සතෙන් සතේ ගරලා ලක්ෂ 80ක් එකතු කරලා


හය වසරක් තිස්සේ ගනුදෙනුකරුවන්ගේ ගිනුම්වලට බැර කළ යුතු ශත ප්‍රමාණය එසේ බැර නොකර වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර දුන් බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී රොෂාන් විජේසිංහ මහතා කියයි.

රාජ්‍ය බැංකුවක ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් මසේ වංචා කර ඇතැයි කියන මුදල රුපියල් ලක්ෂ 80කට වැඩි බව හෙළි වී ඇත.

රාජ්‍ය බැංකු බදුල්ල ප්‍රාදේශීය කාර්යාලය සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණයේදී හෙලි වූ තොරතුරු මත සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.

කැතැන්පත්කරුවන්ට පොලී මුදල් වැනි විවිධ ගෙවීම් සිදු කිරීමේදී සහන් වන ශත ප්‍රමාණය වංචා සහගත ලෙස අදාල නිලධාරියා ඔහුගේ ගිනුමට බැර කර ගෙන ඇතැයි හෙලි තිබේ.