සත්ත්ව නිෂ්පාදන අලෙවි බලපත්‍රයක් හිමි ව්‍යාපාරිකයකු විසින් මිනිස් පරිභෝජනය සූදානම් කර තිබූ කිලෝ 20 බැගින් වූ පරිප්පු ගෝනි 33ක් මුද්‍රා තැබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි. පරිප්පු ගෝනි සහිත ගබඩාව වත්තල පිහිටුවා තිබිණි. වැටලීම කළ නිලධාරීන් පවසන්නේ මේ ව්‍යාපාරිකයා කල් ඉකුත්වූ පරිප්පු සත්ත්ව අහාර සඳහා බව පවසමින් මිලදී ගෙන මිනිස් පරිභෝජනය සඳහා යළි අළෙවි කරන බවයි.