සත්‍ය සමඟිය සහ සංහිඳියා පනත් කෙටුම්පත මහා නා හිමිවරුන්ට


(අංජුල මහික වීරරත්න)

සත්‍ය, සමඟිය සහ සංහිඳියාව සඳහා වූ කොමිසමේ පනත් කෙටුම්පත පිළිබඳ මල්වතු, අස්ගිරි මහා නා හිමි ප්‍රසාදය පළ වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

සත්‍ය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසංග ගුණවංස මහතා ඇතුළු නිලධාරීන් මෙම පනත් කෙටුම්පත තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියන්ට සහ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නා හිමියන්ට පිළිගන්වා තිබේ.

පනත් කෙටුම්පත පිළිබඳ ප්‍රසාදය පළ කළ උන්වහන්සේලා එය තවදුරටත් සමාලෝචනය කර ඒකාබද්ධ අදහසක් ඉදිරිපත් කිරීමට ද එකඟ වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

සත්‍ය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලයේ අංශ ප්‍රධානී (ප්‍රතිපත්ති) ආචාර්ය සී.වයි.තංගරාජා, මහජන සම්බන්ධතා විධායක දනුෂි ද සිල්වා, ජ්‍යෙෂ්ඨ නීති විධායකයන් වන යස්මදා ලොකුනාරංගොඩ, දුලාන් දසනායක, සම්බන්ධීකාරක එස්. ඩී. කොතලාවල යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගී වූහ.