සත්තුවත්තට කළු අමුත්තෙක්


ජපානයේ සත්වෝද්‍යානයකින් දෙහිවල සත්වෝද්‍යානයට ගෙන ආ රයිනෝසිරස් යුවළක් පැටවකු බිහි කැර ඇත. ලොව සිටින රයිනෝසිරස් විශේෂ පහක් අතරින් අතිශය දුර්ලභ විශේෂයක් ලෙස හඳුන්වන කළු රයිනෝසිරස් වර්ගයට මේ පැටවා අයත්වෙයි. ලෝක සංරක්ෂණ සංගමය පවසන්නේ ලෝකයේ මේ වර්ගයේ සතුන් සිටින්නේ 1500ට අඩු පිරිසක් බවයි.

වඳවීයාමේ තර්ජනයට මුහුණ දී ඇති සතුන් අතර කළු රයිනෝසරයන් වඩාත් අවදානකට පත්ව ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති. මේ පැටවා බිහිකළ රයිනෝසිරස් යුවළ 2012 දී ද පැටවකු බිහිකළහ. ඒ පැටවා ජීවත්වූයේ දින කිහිපයක් පමණි.