සත් සාමාජික හොකී තරගාවලියට පාසල් 48 යි, කී‍්‍රඩා සමාජ 28 යි


නුවර සීතා දේවී බාලිකා මහා විද්‍යාලය, සීතා දේවී කී‍්‍රඩා සමාජය හා එක්ව සංවිධානය කරනු ලබන සමස්ථ ලංකා අන්තර් පාසල් හා අන්තර් කී‍්‍රඩා සමාජ සත් සාමාජික හොකී තරගාවලිය මෙම මස 6 හා 7 යන දෙදින අස්ගිරිය කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලිය සදහා බාලක හා බාලිකා පාසල් 48ක් සහ කී‍්‍රඩා සමාජ 28ක් සහභාගි වීමට නියමිතය.

ƥǎ