සත් සාමාජික පාපන්දු තරග 24 - 25 ගිංතොටදී


ගිංතොට කුරුඳුවත්ත එක්සත් කී‍්‍රඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන සත් සාමාජික පාපන්දු තරගාවලියක් මේ මස 24, 25 යන දින වලදී ගිංතොට සහිරා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ගාල්ල පොලිසිය සහ ගාල්ල දිස්ත‍්‍රික් පාපන්දු සංගමයේද සහයෝගය ඇතිව සංවිධනය කරනු ලබන මෙම තරගාවලිය සඳහා දිවයිනේ  ඕනෑම කී‍්‍රඩා සමාජයකට හෝ  ඕනෑම ආයතනයට කණ්ඩායමක් ඉදිරිපත් කළ හැක.

තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට කුසලානය සමග මුදලින් රුපියල් 40,000 ක් පිරිනැමීමට නියමිතය. දෙවැනි ස්ථානය සඳහා අනුශුරතාවය සමගින් මුදලින් රුපියල් 25,000 ක්ද තෙවැනි ස්ථානය සඳහා මුදලින් රුපියල් 5,000 ක්ද පිරිනැමේ.

තරගාවලියට සහභාගීවීමට අවශ්‍ය කණ්ඩායම් ප‍්‍රධාන සංවිධායක, අහමඞ් නස්රුල්ලා, තාහාවිල, ගොඩවත්ත, ගිංතොට යන ලිපිනයට අයදුම් පත් යොමුකිරීම මගින් ඒ සඳහා අවස්ථාව උදාකරගත හැක.

(*)