සත් සාමාජික පාපන්දු තරග 22 දා නාවලපිටියේදී


ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීම මත වෙළඳ සේවා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන පාපන්දු තරගාවලියක් ජුනි මස 22 වැනිදා නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

එක් පිලකට 7 දෙනා බැගින් සහභාගී වන මෙම තරගමාලාවේ ශූරයන්ට කී‍්‍රඩා අමාත්‍ය කුසලාන පිරිනැමේ.

ජයග‍්‍රාහකයන්ට පදක්කම් සහ මුදල් ත්‍යාග වලට අමතරව දක්ෂතම ක‍්‍රීඩකයාට, දක්ෂතම දැල් රකින්නාට, වැඩිම ගෝල් ලබාගන්නා කී‍්‍රඩකයාට සහ විනීතම කණ්ඩායමටද විශේෂ කුසලාන රාශියක් පිරිනැමීමටද සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ. මෙම තරගාවලිය සඳහා අයදුම්පත්, සභාපති, ටී. එෆ්. කාසිම්, ග‍්‍රෑන්ඞ් හෝටලය, නුවරඑළිය යන ලිපිනයෙන් ලබාගත හැකිය.