සටන් නළුවා යළිත් රංගනයට


කලක් නිහඬව සිටි සනී ඩියෝල් නැවතත් ක්‍ෂේත‍්‍රයට පය තැබුවේ කාලයකට පසුවය. ඒ ගායල් වන්ස් මෝර් චිත‍්‍රපටියේ ප‍්‍රධාන නළුවා හා අධ්‍යක්‍ෂවරයා වශයෙනි.
මෙය 1990 දී තිරගත වූ ගායල් චිත‍්‍රපටියේම ප‍්‍රති නිර්මාණයකි. මේ චරිතය සඳහා ඔහු මුළුමනින්ම කොණ්ඩය බූ ගා තිබේ.

සනී ඩියෝල් මුලින්ම ක්‍ෂේත‍්‍රයට ආවේ බේටාවේ චිත‍්‍රපටියේ රඟපාමිනි. එහි ප‍්‍රධාන නිළිය වූයේ අම්රිතා සිංය. එයින් ලැබුණ ජනප‍්‍රියත්වය ඔස්සේ ඔහු බොහෝ දුර ආවේය. එහෙත් එක දිගටම ක‍්‍රියාදාම චිත‍්‍රපටිවලම රඟපෑ බැවින් තමා එක තැනකට කොටුවූ බැව් ඔහු පවසයි.

‘‘ඇත්තටම ඒ වගේ චරිතවලට මිනිස්සු කැමතියි. එක පාරක් ගැහුවම මිනිස්සු දහයක් විතර උඩින් පියාඹනවා... පේ‍්‍රක්‍ෂකයෝ ඔල්වරසන් නගනවා. එදා අපි කරපු දේවල්ම තමයි අද ඉන්න අයත් කරන්නෙ.

58 හැවිරිදි සනී පවසයි.

ඔහුගේ පියා ජනප‍්‍රිය නළුවෙකු වූ ධර්මේන්ද්‍රය. මව ප‍්‍රකාශ් කෞර්ය. බොබී ඩියෝල්, ඊශා ඩියෝල් ඇතුළු සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගේ ලොකු අයියා වන සනීගේ බිරිඳ පූජාය. කරන් රාජවීර් ඔහුගේ පුතුන් දෙදෙනාය.

Untitled-2