ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නියෝජනය කළ වමතින් පා දඟ පන්දුයවන සජීව වීරකෝන් පළමු පෙළ කඩුලූ 700 සම්පූර්ණ කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් ක‍්‍රීඩකයකු නොවන පන්දු යවන්නකු කඩුලූ 700 ක් දවාගත් පළමු අවස්ථාව ද මෙය වේ.
ලෝක ටෙස්ට් කඩුලූ වාර්තාවට හිමිකම් කියන මුත්තයියා මුරලිදරන් පළමු පෙළ තරග 232 කදී කඩුලූ 1374 ක් ද, හිටපු ටෙස්ට් වේගපන්දු යවන ක‍්‍රීඩක චමින්ද වාස් පළමු පෙළ තරග 227 කදී කඩුලූ 772 ක් ද දවාගෙන තිබේ.
කෝල්ට්ස් පිල නියෝජනය කරන වීරකෝන්, ලන්කන් පිලට එරෙහිව ඊයේ (08) කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වූ තරගයේදී ලකුණු 49 කට කඩුලූ 5 ක් දවාගනිමින් කඩුලූ 700 සම්පූර්ණ කළේය. වීරකෝන් මේ වන විට පළමු පෙළ තරග 163 කදී කඩුලූ 703 ක් දවාගෙන තිබේ.
ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන 34 හැවිරිදි වීරකෝන් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග දෙකකට ක‍්‍රීඩා කර තිබේ.
වීරකෝන් 1996/95 තරග වාරයේදී පළමු පෙළ වරම් ලබමින් බී. ආර්. සී., ගාල්ල ක‍්‍රිකට් සමාජය, ද්‍රවිඩ සංගම් සහ කෝල්ට්ස් යන ක‍්‍රීඩා සමාජ නියෝජනය කර තිබේ.