සජීන් වාස්ට ඇප : රටින් පිටවීම තහනම්


වත්කම් හා බැරකම් ඉදිරිපත් නොකළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු ජනපතිගේ සමීප සගයකු වන සජින් වාස් ගුණවර්ධන  රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඔහුගේ ගමන් බලපත්‍රය උසාවිය බාරයට ගත්තේය.

රටින් පිටවීම ඔහුට තහනම් කැරිණි.

ලබන සැප්තැම්බර 05 වැනි දා ට නඩුව කල් තැබිණි.

මුදලින් රුපියල් ශරීර ඇප තුනක් ද ඔහුට නියම විය.

අල්ලස් කොමිසමෙන් ද ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය මීට පෙර තහනම් කර තිබිණි.

(වීඩියෝ ශාන්ද රත්නායක)

DSC_5386 DSC_5349