(මනෝප්‍රිය ගුණසේකර)
හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට බන්ධනාගාරයේ සිටියදීම නාම යෝජනා පත්‍රයට අත්සන් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (06) අවසර දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් රුපියල් කෝටි 44 1/2 කට අධික මුදලක් උපයා ගැනීම සම්බන්ධයෙන් වන නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් ඔහු රිමාන්ඞ් බාරයට පත් කරනු කර සිටී.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජීවන්ත ජයතිලක මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන හෙයින් ඔහුට නාම යෝජනා පත්‍රයට අත්සන් කිරීමට අවසර ලබාදෙන්නැයි කළ ඉල්ලීමක් සැළකිල්ලට ගත් විනිසුරුවරයා ඒ සඳහා අවසර දුන්නේය.
වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් රුපියල් කෝටි 44 1/2 කට අධික මුදලක් උපයා ගත් බවට නීතීපතිවරයා විසින් ඉදිරිපත් කළ සංශෝධිත චෝදනා සම්බන්ධ නඩු විභාගයේ සාක්කි විමසීම ආරම්භ කළ පසු පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බලපෑම් එල්ල වී ඇති බවට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා මීට පෙර අවස්ථාවක ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගනිමින් සජින් ද වාස් ගුණවර්ධන මහතා රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට නියම කෙරිණි.
2011 මාර්තු මස 31 වැනිදාත් 2014 දෙසැම්බර් මස 23 වැනිදාත් අතර කාලයේ කොලඹදී නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් රුපියල් 44,51,11,567.70 ක මුදලක් උපයා ගත් බවටද නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් එම මුදල් උපයා ගත් බව දනිමින්ම ඉන් රුපියල් 30,62,68,194.76 ක මුදලක් සමාගමේ නමින් ඇති බැංකු ගිණුම් වල තැන්පත් කළ බවටද විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
විත්තිකරු විසින් මුදල් විශූද්ධීකරණ පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකොට ඇති බවද නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව වැඩිදුරටත් චෝදනා නඟා ඇත.
සජින් ද වාස් ගුණවර්ධන මහතා විසින් නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් මුදල් උපයන බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කරන ලද බවත් එලෙස සිදුකළ විමර්ශනයේදී විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන 2010 වසරේ පාර්ලිමෙන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා බාරදෙන විට ‘කොස්මෝස්’ නාමය යටතේ
ව්‍යාපාර 21 ක් ඔහු සතුව තිබී ඇති බවට සාක්කි ඇතැයි නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
14 වැනි පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීවරයකු වශ්‍යයෙන් පත්වීමට පෙර අදාළ ව්‍යාපාර සියල්ලේම අධ්‍යක්‍ෂධුර වලින් ඔහු ඉවත් වී ඔහුගේ ව්‍යාපාර කොටස් බිරිඳ වෙත හුවමාරූ කළ බව විත්තිකරු සඳහන් කළත් විත්තිකරු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු වශ්‍යයෙන් පත්වීමෙන් අනතුරුවද අදාළ ව්‍යාපාරයන්හී මෙහෙයුම් කටයුතු වල සක්‍රීයව යෙදී ඇති බවට සාක්කි ඇතැයි අධිකරණයට දැනුම් දී ඇති නීතිපතිවරයා විත්තිකරු අදාළ ව්‍යාපාර 21 න් 07 ක් උපයෝගි කරගනිමින් සැකකටයුතු වල ගනදෙනු වල යෙදී ඇති බවට මෙන්ම ඔහු විසින් අදාළ ව්‍යාපාර ගිණුම් වල රුපියල් 45,87,47,757.70 ක මුදල් තැන්පත් කළ බවට සාක්කි ඇතැයිද අධිකරණයට දැනුම් දුන්නේය.
මෙපමණ විශාල මුදල් කන්දරාවක් ලැබීමට තරම් විත්තිකරුට හෝ ඔහුගේ බිරිඳට ආදායම් මාර්ග නොමැති බවද ඒ බව විත්තිකරු හා ඔහුගේ බිරිඳ විසින්ද පිළිගෙන ඇතැයිද මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් සිදුකළ විමර්ශන වලදී මෙපමණ විශාල මුදල් කන්දරාවක් ලැබුණේ කෙසේදැයි හෙළි කිරීමට විත්තිකරුට හෝ ඔහුගේ බිරිඳට හැකියාවක් ලැබී නැති බවද නීතීපතිවරයා විසින් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.
මෝසමක් මාර්ගයෙන් මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළේය.මෙම නඩුව ලබන මාර්තු මස 12 වැනිදා දක්වා කැඳවීමට විනිසුරුවරයා මීට පෙර දිනයේ නියම කොට ඇති අතර එතෙක් විත්තිකරු රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට නියම කොට ඇත.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ උදාර කරුණාතිලක මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතීඥවරු කණ්ඩායමක් සමඟ නීතීඥ ජීවන්ත ජයතිලක මහතා පෙනී සිටියේය.

