සජින් වාස්ට සිංගප්පූරු යන්න බැරිවෙයි


හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන සිය පියාට බෙහෙත් ගැනීමට සිංගප්පූරු යෑමට කළ ඉල්ලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද අවසර නොදුන්නේය. ඔහු කොස්මෝස් ඒවියේෂන් සර්විසස් සමාගමෙන් ගුවන් යානයක් මිලට ගැනීමට ශ්‍රී ලංකාවේ බැංකුවකින් ඇමෙරිකා ඩොලර් දස ලක්ෂයක (රුපියල් කෝටි 14ක්) ණයක් ගෙන එම මුදල් ඇමෙරිකාවට යැවීයැයි ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මන්ත්‍රීවරයා කළ පැමිණිල්ලක් අනුව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු වාර්තා කළේය.