හිටපු ඇමැති සජින් වාස් ගුණවර්ධනගේ අම්බලන්ගොඩ නිවසේ රඳවාගෙන සිටි අලි පැටවකු අද (18) වනජීවී භාරයට ගත් බව වනජීවී නිලධරයෝ කියති. වනජීවී සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එහි ගොස් අලි පැටවා සිය භාරයට ගත්හ.
ව්‍යාජ බලපත් සහිතව ළඟ තබාගෙන සිටින අලි අත්අඩංගුවට ගැනීමට උසාවිය ලබාදී තිබූ නියෝගය අනුව මෙම අලි පැටවා වනජීවී භාරයට ගෙන ඇතැයි ද උඩවලව ඇත් අතුරු සෙවණේ අලියා රඳවා තබන බවද වනජීවී නිලධාරීහු පවසති.
වයස අවුරුදු 15ක් පමණ වන මෙම අලි පැටවා වසර 10ක පමණ කාලයක් සජින් වාස් හිටපු මන්ත්‍රීවරයා ළඟ සිට ඇති බව කියති.
ඡායාරූප - දේමුණි සම්පත්



