සන්ධාන මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන 2011 මාර්තු 31 සිට 2012 මාර්තු 31 දක්වා සිය වත්කම් ප්‍රකාශ බාරදී නැතැයි පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය හමුවේ කියා සිටියාය.
සජින් වාස්ගේ නීතිඥවරු පාර්ලිමේන්තු ලිපි ලේඛන කිහිපයක පිටපත් ඉල්ලූහ. එම පිටපත් කථානායකගෙන් ලබා ගන්නැයි උසාවිය ඔවුනට දැන්වීය. වැඩිදුර විභාගය මැයි 11ට කල් තැබිණි.

