ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හා විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ලබන මස තුන් වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
ජනපති ලේකම් කාර්යාලයයට අයත් වාහන 23ක් මන්ත්‍රීවරයා භාවිත කර ඇති බවත්, ඉන් වාහන දෙකක් ඔහුගේ පෞද්ගලික ආරක්ෂක සේවයක වැඩට යොදාගෙන ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
ඔහුගේ නීතීඥයන් කීවේ මන්ත්‍රී සියලු වාහන භාවිත කළේ හිටපු ජනපතිගේ අනුමැතිය ඇතිව බවයි.








