සජින් වාස් නෝනිස් ප්‍රහාරය මග හරී


ප්‍රංශයේ හිටපු තානාපතිනියක වන තමරා ගුණනායගම් මහත්මිය එක්තරා රූපවාහිනී වැඩසටහනකදී තමා සම්බන්ධයෙන් සිදුකළැයි කියන ප්‍රකාශයක් පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වීය. ක්‍රිස් නෝනිස් මහතාට පහරදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නද ඔහු එහිදී මග හැරියේය.