සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ආණ්ඩුවට එක් කර නොගන්නා ලෙස බල කරමින් බලපිටියේ ප්‍රදේශවාසීහූ බලපිටිය බස් නැවතුම් පොළ අසලදී අද (13) උද්ඝෝෂණයක් ඇරැඹූහ.
බලපිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කමල් ජයන්ත ද සොයිසා, රුහුණු ජනතා පක්ෂයේ නායක හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රී අජන්තද සොයිසා යන මහත්වරු ද නීතිඥවරු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටිති.
දූෂිතයන් රජයට එක්කැර නොගත යුතු බවත් සජින් වාස් දැනටම තම රජයේ රැකවරණය ලබන බවට කතා පැතිරී යන බවත් එහිදි කියවිණි.
සජින් වාස් ගුණවර්ධන මහතා ආණ්ඩුවට එක්කර ගතහොත් ගිනි තබා ගන්නා බව කියමින් පුද්ගලයකු බලපිටිය බස් නැවතුම්පොලේ වහලේ වාඩි වී සිටියි. ඔහු අත පෙට්‍රල් බෝතලයක්ද දක්නට ඇත.
(ඡායාරූප- හේමන්ත ද සිල්වා)









