සජින් වාස් අල්ලස් කොමිසමට නොඑයි


වත්කම් සම්බන්ධ ප්‍රකාශයක් ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද (11) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවා තිබුණත් ඔහු නොපැමිණි බව කොමිසමේ ආරංචි මාර්ග කියයි.

බ්‍රහස්පතින් දා (12) ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව දැනුම් දී ඇතැයි ද එහි ආරංචි මාර්ග සඳහන් කරයි.