සජින් කොටුව උසාවියට


ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මීට ටික වේලාවකට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට රැගෙන ආ බව පොලිස් ආරංචි කියයි.

මේ අතර කොළඹ අලුත්කඩේ උසාවියේ ආරක්ෂාව තර කර ඇත. පොලිස් සුනඛයන් උසාවි බිමේ සෝදිසියට කැඳවා ඇති අතර පුපුරණ ද්‍රව්‍ය සෙවීම සඳහා පුහුණු කළ විශේෂ කණ්ඩායම් ද එහි සෝදිසි කරති.