තම ඡන්ද වැඩට සහාය දුන් අය අතරින් තෝරාගත්තවුන්ට රැකියා දෙතියි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට එරෙහිව සමාජවාදී තරුණ සංගමය අද (24) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
තම පාක්ෂිකයන්ට රැකියා දෙන පවසන වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජජාල මාධ්‍යවල ප‍්‍රසිද්ධියට පත්ව තිබූ අතර එය රැකියා අල්ලස් දීමක් යැයි ද එයට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා තම සංගමය මෙලෙස පැමිණිලි කළ බව ද කියති.