සජිත්ගෙන් ජනපතිට දුරකථන ඇමතුමක්


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මහ බැංකු පනත පාර්ලිමේන්තුවේ දී  සාකච්ඡාවට ගැනීම කල් දැමීමට ජනාධිපතිවරයා එකඟ වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අදාල පනත කල් දමා සම්මුතිවාදයකින් කටයුතු කරන්න අවස්ථාව දෙන ලෙස ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් දී තමා අද උදෑසන ඉල්ලා සිටි බව කී විපක්ෂ නායකවරයා තමාගේ ඉල්ලීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බවත් එම එකඟතාවය පිළිබඳ  පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිතුමා තමාට දැනුම් දුන් බවත්  විපක්ෂ නායකවරයා සඳහන් කළේය.