නිවාස හා සමෘද්ධි අමාත්‍යවරයා ලෙස තමා නඩත්තු කිරීමට වෙන් කරන සියලු මුදල් රටේ නිවාස ඉදි කිරීමට බැර කරන බව ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඔහු එසේ කීවේ කැබිනට් ඇමැතිවරයකු ලෙස ලැබුණු කුරුඳුවත්තේ නිල නිවස නැවත රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට බාර දෙමිනි.
‘මට පෙර ගමන් රථ නෑ. පසු ගමන් රථ නෑ. මා සහ මගේ ආරක්ෂකයන් යන්නේ මගේ පෞද්ගලික රථයෙන්. ගෙවල් හැදූ රණසිංහ ප්‍රේමදාසගේ පුතා ලෙස මඩ ලැබුණු නිල නිවස යාන වාහන සහ සියලු දීමනා රටේ ජනතාවගේ සුඛ විහරණය උදෙසා පරිත්‍යාග කරනවා. රටේ නිවාස ප්‍රශ්නය විසඳන්න අපි ඇප කැප වෙනවා.‘



