පිටකෝට්ටේ සිරිකොත මන්දිරයේදී අද(23) සවස රැස්වු එකසත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රෙමදාස මහතා නියෝජ්‍ය නායක ලෙස ඒකමතිකව පත් කළේය.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මුලාසනයේ විය. ඒකමතිකව සිදු කළ සෙසු පත්වීම් මෙසේය.
උප නායක - පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක
නියෝජ්‍ය මහා ලේකම් - පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්
ජ්‍යෙෂ්ඨ උප සභාපති - පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර
මැතිවරණ ලේකම් - පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීනි තලතා අතුකෝරාල
ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවට විසි දෙනෙක්ද පත් කැර ගනු ලැබුහ.
ජාතික යොවුන් පෙරමුණේ සභාපති ධුරය සඳහා ඌව මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතාගේ නම යෝජනා විය.
ඔහුට එම තනතුර භාර දීම සඳහා එහි සභාපති කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා ඉල්ලා අස් විය. යොවුන් පෙරමුණ වෙනුවෙන් විජයවර්ධන මහතා මහ මෙහෙයක් කළ බව පැවසු ප්‍රනාන්දු මහතා ඌව ජනතාව වෙනුවෙන් තම සේවය ඉටු කිරීමට තම මුළු කාලයම යෙදවිය යුතු බව කියා සිටියේය. එහෙයින් එම තනතුර භාර ගන්නවාද නැද්ද යන්න දැනුම් දීමට ඔහු කල් ඉල්ලා සිටියේය.




