සජිත් ගැන රනිල්ට අභියෝගයක්


හැකි නම්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා දී මහින්ද රාජපක්ෂ ජනපති සමග ජනාධිපතිවරණයට එවැන්නැයි  මහාමාර්ග ඇමැති නිර්මලකොතලාවල මහතා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බණ්ඩාරගමදී අද අභියෝග කෙළේය. කළුතර - කැස්බෑව මර්ගයේ සංවර්ධන කටයුතු අරඹමින් එසේ කීවේය.  විපක්ෂයට අද නියෝජ්‍ය නායකයකු පත් කරගැනීමට නොහැකි වී ඇතැයි ද ඔහු  කීවේය.