ඔවුන් ශෛලීන් දෙකක ගීත රචකයන් දෙදෙනෙකි. වර්තමාන පරපුර තුළ ඉතා ජනප්‍රිය ගීත රචනා කළ ඔහු මෙවර දෙරණ සංගීත සම්මාන උලෙළේ හොඳම ගීත රචනයට හිමි සම්මාන ලබාගන්නේය. ඔහු සජිත් වී චතුරංගය. වසර ගණනක්ම රාජ්‍ය සංගීත සම්මාන උලෙළේ හොඳම ගීත රචකයා ලෙස නිර්දේශ වන ඔහු 2013 වසරේ සමසම්මාන ලබාගන්නේය. 2015 හා 2016 වසරවල හොඳම ගීත රචකයා බවට පත්වන්නේ ඔහුය. ඔහු නමින් අසංක රුවන් සාගරය. මෙවර කතාබහ ඔවුන් සමගය.
එදා සහ අද ගී පද රචනා ගැන මුලින්ම කතා කළොත් ?
- අසංක
මගේ පරම්පරාව නියෝජනය කරන සජිත් එක්ක සම්මුඛ වෙන්න ලැබීම ලොකු සතුටක්. ඔබේ ප්‍රශ්නයට ආවොත් මම අතීතකාමී මිනිසෙක්. හැත්තෑව දශකයේ අග භාගය, අසූව දශකයේ මුල් භාගය සිංහල ගීතයේ ස්වර්ණමය යුගය කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒත් මම එයට සීයයට සීයක් එකග නැහැ. ඒ වක වානුවෙ සිදුවුණ සෑම නිර්මාණයක්ම ස්වර්ණමය නැහැ. මේ දශකය තුළත් විශිෂ්ට නිර්මාණ බිහිවෙනවා. ප්‍රවීණයන්ගෙන් වගේම මගේ පරම්පරාව නියෝජනය කරන නිර්මාණකරුවන්ගෙන් නිර්මාණ සිදුවෙනවා. හැත්තෑව, අසුව දශකයේ තිබුණේ ජාතික ගුවන්විදුලිය. නිර්මාණයක් කළාම ඒ නිර්මාණය රසිකයන් අතරට ගෙන යාමේ යාන්ත්‍රණය අදට වඩා එදා සෘජුව තිබුණා. ඒ වගේම එහි විනිවිධ භාවයක් තිබුණා. අද සෑම ක්ෂේත්‍රයකම තාක්ෂණය දියුණුයි. මමත්, සජිතුත් මේ සියලු බලපෑම් ඇතුළේ තමයි අපේ නිර්මාණ ඉදිරිපත් කරන්නේ. මගේ පරම්පරාව නියෝජනය කරන අය (දෙදහයෙන් පසු) නිර්මාණය කරන ගීත ගැන කෙනෙක් කියයි පීචං කියලා. අවර ගණයේ කියලා. මම ගීත රචකයෙක් ලෙස එතන නැහැ. මම හිතන්නේ ක්ෂේත්‍රයක් දියුණු වෙන්න හැම ධාරාවකම දේවල් තිබිය යුතුයි. හැමෝම සුදු වුණොත් එහි විචිත්‍රත්වයක් නැහැ. මගේ නිර්මාණ සමාජය තුළ ලොකු කතාබහකට ලක් නොවුණට, ඉතාම හොඳ තැනක අද අපේ ගීතය තියනවා.
- සජිත්
අසංක අයියා වැනි රාජ්‍ය සම්මාන ලබපු කෙනෙක් එක්ක මෙහෙම සංමුඛ සාකච්ඡාවක් කරන්න ලැබීම ගැන සතුටුයි. අද ගොඩක් අය කරන්නේ බනින එකනේ, මල් සින්දු කියනවා කියලා. ගීතයක වැඩියෙන්ම අවධානය යොමුවෙන්නේ වචනවලට. ඒ වචන අහලා වචනවලට බනින එක තමයි කරන්නේ. අද බනින සින්දුවලට වඩා මල් සින්දු අතීතයේ තිබිලා තියනවා. මම නම් කියන්නෙ නැහැ. වර්තමානයේ නිර්මාණය වුණ ලහිරු පෙරේරාගේ %රම්බරී^ ගීතයට බොහෝ අට බැන්නා. මම නම් එහි වරදක් දකින්නෙ නැහැ. අතීතයේ ඊටත් වඩා පහළ ගීත තියනවා. මම කියන්නේ වර්තමානයේ ඉන්න අයට බැන බැන ඉන්නවට වඩා මේක වැරදියි කියලා කියල දෙන්න පුළුවන් වෙන්න ඕන. ඒ අය දන්නව නම් මේ පවතින ක්‍රමය වෙනස් කරන ක්‍රමයක් ඉදිරිපත් කළ යුතුයි. මම හිතන්නේ කාටවත් බැන බැන ඉන්නවට වඩා ඉන් දෙයක් කරන්න පුළුවන්. කරන්නේ වර්තමානයේ ගීතවලට බැන බැන ඉන්න එක. හොඳ නිර්මාණයක් කරලා දාන්න. ඒක ප්‍රේක්ෂකයන් අතරට යනවද නැද්ද කියලා ප්‍රේක්ෂකයා තීරණය කරයි.
ගීතයක් සමාජගත වීම තීරණය කරන්නේ ප්‍රේක්ෂකයාද?
- සජිත්
ප්‍රේක්ෂකයා තමයි තීරණය කරන්නේ
- අසංක
එය තීරණය කරන්නෙ රසිකයා. හැබැයි අපි ඉන්නේ තාක්ෂණය සම්බන්ධයෙන් බොහොම ඉදිරියෙන් ඉන්න කාලයක. රසිකයා අංක එක වීමට වඩා, අංක දෙක වෙනවා. මාධ්‍යය අංක එකවෙලා. මේක දෝෂාරෝපණයක් නෙමෙයි. අද ගුවන් විදුලිය කියන්නේ අහන මාධ්‍යයක් නෙමෙයි, ඇහෙන මාධ්‍යයක්. මේ යාන්ත්‍රණය තුළ නිතරම දෙයක් ඇහෙනව නම්, අපි එය නිවැරදි යයි සිතා භාර ගන්නවා. සජිත්ගේ නිර්මාණ බොහෝ රසිකයන් පිරිසක් වැලඳගත් නිර්මාණ. ඒ අතින් සජිත් වාසනාවන්ත නිර්මාණකරුවෙක්. ඒ සජිත්ගේ හැකියාව. ඒ නිර්මාණ ශීලිත්වයට මාධ්‍යය ඉඩ ලබාදී තිබෙනවා. මම රාජ්‍ය සම්මානලාභී ගීත රචකයෙක් වුණත් මගේ නිර්මාණ දන්නෙ ඉතා සීමිත පිරිසක් විතරයි. රාජ්‍ය මාධ්‍යය රාජ්‍ය සම්මාන සඳහා නිර්දේශ වූ නිර්මාණ මිනිසුන් අතරට යවන්න පුළුවන්. එහෙම නොවන රටක මේ සජිත්ගේ පරම්පරාවේ නිර්මාණවලට බැන බැන ඉන්න එක නෙමෙයි විය යුත්තේ. සජිත් කියන්නේ මල්සින්දු ලියන කෙනෙක් කියලා කුලකයකට දැම්මා කියලා හිතමු. අසංක කියන්නේ ප්‍රබුද්ධ ගී ලියන කෙනෙක් කියලා කුලකයකට දැම්මා කියමු. හැබැයි මේ නිර්මාණ ජනගත කරන්න රාජ්‍ය මාධ්‍ය අවස්ථාව දෙන්න ඕන. පෞද්ගලික මාධ්‍ය සජිත්ලට වෙළෙඳ පොළ සහ රසික ප්‍රජාව වැලඳ ගැනීම මත අවස්ථාව දෙනවා. සජිත්ලා ගැන මට ගැටලුවකුත් නැහැ. ඉරිසියාවකුත් නැහැ. මට ලියන්න බැරි තැනක් සජිත් ලියන්නේ. ප්‍රේමය මෘදුව මට සිලිටුව සජිත්ට ලියන්න පුළුවන්.
- සජිත්
අසංක අයියා කියනවා වගේ මාධ්‍යත් බලපානවා. මම ඒකට එකගයි. අසංක අයියා රාජ්‍ය සම්මාන ලාභියෙක්, මම එහෙම නැහැ. රාජ්‍ය සම්මානයක් දෙනවා නම් රාජ්‍ය මාධ්‍යයෙන්වත් ඇයි එවැනි ගීතයක් ප්‍රචාරය කරන්නෙ නැත්තේ. ඒක ගැටලුවක්. ගීතයක පැවැත්මට ප්‍රේක්ෂකයත්, මාධ්‍යයත් දෙකම බලපානවා. මාධ්‍ය කියන්නේ තීරණාත්මක දෙයක්.
මේ අවකාශය තුළ ගීත රචනා වෙන්නේ වෙළෙඳ පොළ ඉලක්ක කරගෙනද?
- අසංක
මගේ ගීත විදින, විඳපු ඉතාම සීමිත රසික ප්‍රජාවක් ඉන්නවා. මම සිදුකළේ වෙළෙඳ පොළ වාසියක් තියන නිර්මාණ නෙමෙයි. වෙළෙඳ පොළක පාරිභෝගිකයෝ ඉන්න ඕන. ගීතයේ පාරිභෝගිකයා කියන්නේ රසිකයා. මගේ ගීතයට විශාල රසික ප්‍රජාවක් නැත්තම් මගේ නිර්මාණයේ තිබෙන වෙළෙඳ පොළ වටිනාකම හරි අඩුයි. මගෙන් ගීත ලියාගන්න එන ගායක ගායිකාවන් දැනගෙන ඉන්නවා මේ නිර්මාණ වෙළෙඳ පොළ අල්ල ගන්න පුළුවන් නිර්මාණ නෙමෙයි කියලා. එහි තියෙන්නේ සාහිත්‍යය. වෙළෙඳ පොළ ඉදිරියේ අසංක රුවන් සාගර කියන ගීත රචකයා හරි දුප්පත්.
-
සජිත්
හරි, මෙහෙම ප්‍රශ්නයක් තියනවා. ගීත රචකයා, සංගීතඥයා, ගායකයා එයම සිදු කරනවා නම්, ඒ සඳහා ප්‍රතිලාභයක් තිබිය යුතුයි. කන්න බොන්න තිබිය යුතුයි. මම 2012 මේ ක්ෂේත්‍රයට ආවෙ මගේ කිසිම ගීතයක් සංයුක්ත තැටියක තිබිලා නැතුව. එදා ඉඳන් ලියපු හැම ගීතයක්ම රිගින් ටෝන් මාධ්‍ය තුළ තියනවා. මම එහි කිසිම වැරැද්දක් දකින්නෙ නෑ. හැමෝම බනිනවා රිගින් ටෝන්වලට සින්දු කරනවා කියලා. ලංකාවෙ ගායකයට, සංගීතඥයට, ගීත රචකයට කතෘ භාගයක් හිමිවෙන්නේ ඉන් පමණයි. වෙන රටවල මාධ්‍ය ආයතනවල ගීතයක් ප්‍රචාරය වනවිට ඔවුන්ට ලංකාවෙ මුදලින් රුපියල් දෙදහක් පමණ ලැබෙනවා. ලංකාවෙ එහෙම සිස්ටම් එකක් නෑනේ. සජිත් වී චතුරංග කියන්නේ වාණිජකරණයේ බ්‍රෑන්ඩ් එකක්. මම ලියපු සින්දුවක් ෆේස්බුක් දැම්මම ගායකයා කවුරුන් වුවත්, ක්ලික් කරලා බලන කොට්ඨාසයක් ඉන්නවා. අද ගීත රචකයා, ගායකයා, සංගීතඥයා මේ හැමෝම විකිණිලා තියෙන්නේ. අපි කාලා බිලා ඉන්න ඕන. අපි වෙන ජොබ් එකක් කරන්නෙ නැහැ. ප්‍රතිලාභයක් තියෙන්නේ රිගින් ටෝන්වලින් විතරයි. ඒකට බනින එක කොතරම් සාධාරණද කියලා මම දන්නෙ නැහැ.
- අසංක
සජිත් කියනවා, සජිත් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් කියලා. මම කියන්නෙ නෑ සජිත් අතින් ඉතාම සිල්ලර ගීත ලියැවෙනවා කියලා. සජිත්ට හිතෙනවා කුමන ගීතයක් ලිව්වත් ඔහුට වෙළෙඳ වටිනාකම තිබෙන බව. ප්‍රවීණයන් කෙසේ වුවත්, නව පරම්පරවේ ගායකයන් සජිත්ගෙන් ගීත ගන්න පොරකනවා ඇති.
- සජිත්
ඔව්, රුවන් හෙට්ටිආරච්චි ගායකයෙක් ලෙස හඳුනා ගන්නේ 'නොදැක ඉන්න බෑ' ගීතයෙන්. දිමංක වෙල්ලාලගේ 'නිදුකින් ඉනුමැන' ගීතයෙන්, සඳුන් පෙරේරා 'ආයෙත් වරක්' ගීතයෙන් ජනප්‍රිය වෙනවා. මම අලුත් අයට අතදුන්නා.
- අසංක
මම ගායකයෙක් වුණා නම් 'නොදැක ඉන්න බෑ' ගීතයට පොඩි බරක් දාමුද කියලා මම සජිත්ගෙන් අහයි. ප්‍රවීණ පරම්පරාවත් සජිත්ට අවස්ථාව දිය යුතුයි. සජිත් ලියන්නේ රිගින් ටෝන්වලට වෙළෙඳ පොළ ඉලක්ක කරගෙන එයාගෙ සින්දු පැණි සින්දු කියලා කැටගරයි කරන්න හොඳ නෑ. සජිත්ට කියන්න පුළුවන්නේ අතිශය සරල ගීතයක් ලියන්න කියලා. සජිත් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් නම්, අසංක කියන්නේ මුද්‍රාවක්. බ්‍රෑන්ඩ් එකට ඉල්ලීමක් තියෙන්නේ. මට එහෙම නෑ. සජිත් කියන්නේ වෙළෙඳ පොළ දිනපු ගීත රචකයෙක්.
කලාකරුවෙකු ලෙස සමාජවගකීම ඉටුව තිබෙනවාද? අතීතය දෙස හැරීබලද්දි තෘප්තිමත්ද?
- සජිත්
මම 2012 හිටියට වඩා හොඳ තත්ත්වයක අද ඉන්නවා. මම කරනදේ ආසාවෙන් කරන්නේ. මගේ ප්‍රගතියක් තියනවා.
- අසංක
මගේ වෘත්තිය ගීත රචනය නෙමෙයි. මම වෛද්‍ය පර්යේෂකයෙක්. මම ඒ හැමදෙයක් ගැනම තෘප්තිමත්. මට ඉලක්කයක් තිබුණා. මම හොඳට පොතපත පරිශිලනය කළා. කවදාහරි හොඳ කවියෙක් වෙනවා කියන හීනයක හිටපු කෙනෙක්.
- සජිත්
පොඩිකාලේ අහනවනෙ ලොකු වුණාම කවුරු වෙන්නද කැමතියි කියලා. මම ගීත රචකයෙක් වෙන්න බලාපොරොත්තු වුණා.
- අසංක
විනෝදාංශයකට නෙමෙයි මම ගීත රචනා කරන්නේ. මම මේ කාලය තුළ පැවැත්වූ සියලු රාජ්‍ය සම්මාන උලෙළ හොඳම ගීත රචකයා ලෙස නිර්දේශ වී 2013 සම සම්මාන ලැබුවා. 2015 සහ 2016 හොඳම ගීත රචකයාට හිමි සම්මානය මට හිමිවුණා. 2009-2010 සුමති, රයිගම් ටෙලි සම්මාන ලැබෙනවා. ඇත්තටම මම තෘප්තිමත්. මම පොර වෙලා සජිත්ට ගහන එක නෙමෙයි සිදුවිය යුත්තේ.
- සජිත්
මේ වගේ සාකච්ඡාවලට ආවත් අපිට බනින්න තමයි ගොඩක් අය බලන් ඉන්නේ.
- අසංක
'සජිත්' කියන බ්‍රෑන්ඩ් එක වෙළෙඳ පොළ අල්ලගෙන ඉන්නවා. මට ඉරිසියාවක් නැහැ. සජිත්ගේ 'ආලවන්තකමට' මම කැමතියි. ඒ ගීතවලින් මම තිරිහන් වෙනවා කියලා හිතෙනවා. අපි දෙන්නා මෙහෙම කුලක දෙකකට වෙන් කරලා ගත්තත්, එහෙම ඇනලයිස් කරන්න ඕන නෑ. අපිත් එක්ක ඉන්න ගීත රචකයෝ ඉන්නේ හරි ගේමක.
- සජිත්
අපෙත් එක් කෙනෙක්, දෙන්නෙක් හැරෙන්න හැමෝම එකමුතුයි.
හෙට දවසේ ගීතයක් ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්න පිරිසකුත් ඉන්නවා?
- අසංක
මම නම් කියන්නේ ඔහුට හොඳ කියවීමක් තියෙන්න ඕන. ස්වභාව දහම, මිනිසුන්ගෙ ජීවිත කියවන්න පුළුවන් හිතක් තියෙන්න ඕන. සාමය, සමාදානය විතරක් නිර්මාණ ඇතුළේ තිබිලා මදි. සාදනීය විවේචන මැදිහත් සිතකින් දරාගන්න පුළුවන් හිතක් කලා ක්ෂේත්‍රයට එද්දි තියෙන්න ඕන.
- සජිත්
කියවන කෙනෙක් වෙන්න ඕන. පොතපතට වඩා මිනිසෙක්ගේ හිතක් කියවන්න පුළුවන් කෙනෙකු විය යුතුයි.
නිදුක් මදුෂික/ඡායාරූප තිසර ගංගාදර



