
(නිමල කොඩිතුවක්කු)
අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මණ්ඩල රාජකාරි කටයුතුවල නිරතව සිටි ගුරුවරුන් පිරිසකට ජේෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයට කඩා වැදී අමානුෂික ලෙස පහර දී අත්අඩංගුවට ගෙන ඇතැයි පවසමින් සමගි ජන බලවේගයේ කණ්ඩායමක් අද (24) පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
පහරකෑමට ලක්වූ පිරිස අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමින් අදාළ පැමිණිල්ල සිදුකොට තිබේ.
සමගි ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල සිදු කරනු ලැබීය.
මෙම අනීතික ක්‍රියා දාමයට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් හඳුනාගෙන වහාම ඔවුන්ට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන්නැයි සිය පැමිණිල්ල මගින් ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී විජේරත්න මහත්මිය පැවසුවාය.
ඡායාරූප : ලහිරු හර්ෂණ


