සජබ සහකාර ලේකම් කාවින්ද ජයවර්ධන


(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගය පක්ෂයේ සහකාර ලේකම් ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පත් කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී අද (01) එයට අදාළ පත්වීම් ලිපිය ජයවර්ධන මහතා වෙත  ප්‍රදානය  කරනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මෙම ධුරයට අමතරව සමගි ජනබලවේගයේ මානව හිමිකම් කමිටුවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරනු ලබයි.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සහකාර ලේකම් ධුරය සදහා වන  පත්වීම් ලිපිය ලබා ගත් අයුරු ඡායාරූපයේ දැක්වේ.