සජබ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස් වෙයි


 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)


සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඉස්මායිල් මුත්තු මොහොමඩ් මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.


පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශයක් කරමින් ඉස්මායිල් මහතා මෙලෙස ඉල්ලා අස්විය. පක්ෂයේ තීන්දුව අනුව තමා මෙලෙස ඉල්ලා අස්වන බව ඉස්මායිල් මුත්තු මොහොමඩ් මහතා සඳහන් කළේය.