විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්දි කිරිමට නිවසට පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට සාපරාදි බලහත්කාරය පෑමක් සිදුකල සමගි ජන බලවේගයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට නම් දුන් අපෙක්ෂකයකු අත්අඩංගුවටගත් බව හක්මන පොලිසිය පවසයි.
අත්අඩංගුවටපත් සැකකරුගේ නිවසෙහි විදුලි බිල නොගෙවිම නිසා රුපියල් තිස්දහසකට වැඩි හිග මුදලක් තිබිම හේතුවෙන් විදුලිය විසන්දි කිරිමට නිවසට පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයින් බිය වැද්දීම සිදුකොට සාපරාදි බලහත්කාරය පෑමක් සම්බන්ධයෙන් විදුලි බලමණ්ඩලයේ සේවකයකු සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවටගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවටගත් සැකකරු මෙවර පළාත්පාලන මැතිවරණයට හක්මන ප්‍රාදේශිය සභාවට සමගි බලවේගයෙන් තරග කරන අපේක්ෂකයකු වන බව ද අනාවරනය වන බව පොලිසීය සදහන් කරයි.
අත්අඩංගුවටගත් හක්මන මුරුතාමුරය ප්‍රදේශයේ පදිංචි සැකකරු අද දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසය පවසයි.

