සුගතදාස පිටියේ දී පැවැත්වෙන ජාතික මලල ක‍්‍රීඩා තේරීම් තරග සඳහා සහභාගි වූ හෙල්ල විසි කිරීමේ ක‍්‍රීඩක සචින් මධුරංග මීටර 78.52 කට හෙල්ල විසි කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීය.
මීට පෙරත් අවස්ථා කිහිපයක දී හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තා පිහිටුවා තිබෙන ඔහු අවසන් වරට වසර 2012 දී මීටර් 77.50 ක දුරක් හෙල්ල විසිකරමින් එහි ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබුණි. යුද හමුදාව නියෝජනය කළ මධුරංග දැනට මලල ක‍්‍රීඩා සංගමය පවත්වා ගෙන යන මලල ක‍්‍රීඩා සුපිරි සංචිතයේ ක‍්‍රීඩකයෙකි.