සචිත්‍රට එරෙහි නඩුවේ අධිචෝදනා භාරදීම කල් යයි


(සනත් ගමගේ)

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතා  අද (09) හම්බන්තොට  මහාධිකරණය හමුවේ පෙනී නොසිටි හෙයින් ඔහුට  එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා භාරදීම සැප්තැම්බර් මස 24 දිනට කල් තැබීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු ටිකිරි කේ. ජයතිලක මහතා නියෝග කළේය.

සචිත්‍ර සේනානායක මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ නිතිඥවරුන් මාර්ගයන් (09) හම්බන්තොට මහාධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර චෝදනාව එල්ල වී ඇති ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අධිකරණය හමුවේ පෙනී නොසිටි හෙයින් නඩුව කල් තැබීය.

2020 වසරේ පැවැති ශ්‍රී ලංකා ෆ්‍රිමියර් ලිග්ක්‍රිකට් තරඟාවලියේ දි මුදලට තරඟ පවාදීම සඳහා තවත් ක්‍රිඩකයෙකුට යෝජනා කර පෙළඹවීම ඇතුළු චෝදනා යටතේ හිටපු ක්‍රීකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිවනිතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන ලදී. ක්‍රීඩා දූෂණ වැලක් විමේ පනතට අනුව මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව තරඟ පාවා දීමේ චෝදනාව යටතේ නඩු පැවරීම සිදුකර ඇත.