මුන්නේෂ්වරම භද්‍රකාලි කෝවිලේදී පැවැත්වීමට නියමිත සත්ත්ව බිලි පුජාව සදහා බලපත්‍රයක් ලබා නොදන ලෙස ජාතික සංඝ සම්මේලනය හලාවත ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලයි.
සංඝ සම්මේලයේ පුත්තලම දිස්ත්‍රික් නියෝජිත වෙන්නප්පුව ශාසනාරක්ෂක බල මණ්ඩයේ සභාපති බණ්ඩිරිප්පුවේ විනීත තිස්ස හිමියෝ මේ ඉල්ලීම කරති.හලාවත - මුන්නේෂ්වරමේ කාලි දේවාලයේදී වාර්ෂිකව ප්‍රසිද්ධියේ සිදු කරන සත්ත්ව බිලි පුජාව තහනම් කරන ලෙස ඉල්ලමින් ජාතික සංඝ සම්මේලනය ඇතුළු සංවිධාන 16 ක් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කර තිබිණි.
එය විභාග කළ අභියාචනාධිකරණය 2013 අගෝස්තු මස 23 වැනිදා නියෝග කරන ලද්දේ කිසියම් සත්ත්ව ඝාතනයක් සිදු කරන්නේ නම් ඒ සදහා අදාල පළාත් පාලන ආයතනයේ බලපත්‍රයක් ලබා ගත යුතු බවය.
එම තීන්දුවට එරෙහිව මුන්නේෂවරම කාලි දේවාලයේ භාරකාර මණ්ඩලය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කර තිබුණි.පසුගිය 03 වැනිදා එම පෙත්සම සලකා බැලු අගවිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල අභියාචනාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව තහවුරු කළේය.ඒ අනුව සත්ත්ව බිලි පුජාවක් පවත්වනේ නම් ඒ සදහා හලාවත ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා ගත යුතු බව එම නියෝගයේ සදහන් වේ.
හලාවත - මුන්නේෂ්වරම කාලි දේවාලයේ වාර්ෂික බිලි පුජාව ලබන 09 වැනිදා පැවැත්වීමට නියමිතය.

