බෙන්තර ප්‍රාදේශිය සභා සභාපතිගෙන් රුපියල් ලක්ෂ පහළොවක අල්ලසක් ගත්තැයි ඇප මත මුදා හැර සිටින වලල්ලාවිට ප්‍රාදේශිය සභා සභාපති උදේනී අතුකෝරල අද (21) ප්‍රාදේශිය සභා රැස්වීමට පැමිණි අවස්ථාවේ සන්ධානයේ විමලසේන අතුකෝරල මහතා හා විපක්ෂය හැර සෙසු සියලු මන්ත්‍රීවරු සභාව වර්ජනය කරමින් පිටව ගියහ.
අල්ලස් චෝදනාවක් එල්ල වී ඇති පුද්ගලයකු රැස්වීමට පැමිණිමේ සදාචාරාත්මක ප්‍රශ්නයක් ඇතැයි පිට වී ගිය උප සභාපති නාලක තරංග සමරවික්‍රම ඇතුළු පිරිස කීය. විපක්ෂ මන්ත්‍රීවරු හතර දෙනා පැවසුයේ සභාවේ තවතවත් දුෂණ හෙළිකැර ගැනීම සඳහා තමන් රැදී සිටින බවයි.
අධිකරණයේ ඇති ප්‍රශ්නයක් ගැන කතා කිරීම නුසුදුසු බව සභාපති අතුකෝරාල කීවේය.