තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි ගණනක් වංචා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින සක්විති රණසිංහ බහු විවාහ චෝදනාවට වරදකරු කළ නිමල් නම්බුවසම් මහතා බරපතල වැඩ සහිත දෙවසරක සිර දඩුවම් ද රුපියල් 25000 ක දඩද නියම කළේය.
1998 මාර්තු 09 වැනිදා පළමු විවාහය කර ගත් සක්විති රණසිංහ පළමු බිරියගෙන් නීත්‍යනුකූලව වෙන් නොවී 2004 මාර්තු 26 වැනිදා දෙවැනි විවාහයද කර ගෙන ඇතැයි උසාවියේදී කියැවිණි.
දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් හය මාසයක සිර දඩුවම් නියම කැරිණි.