සංහිඳියාවට උරදෙන්න ඔස්වල්ඩ් පර්ත් පියනම එයි


ශ‍්‍රී ලංකාවේ ප‍්‍රබල පෙළේ සිවිල් සමාජ සහ මානව හිමිකම් ක‍්‍රියාධරයකු මෙන්ම ආර්ථීක විශාරදයකු වන ආචාර්ය ඔස්වල්ඩ් පර්ත් පියතුමා 11 (බදාදා) මෙරටට පැමිණිමට නියමිතය. එතුමා පසුගිය 2004 වසරේ සිට ඉතාලියේ සහ  ඕස්ට්‍රේලියාවේ සේවය කළේය. සංහිඳියාව හා යහ පාලනය සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාවේ ඇරඹීම එතුමාගේ අදහස බව කතෝලික සභා ආරංචි කියයි.

පියතුමා කතෝලික සභාවේ නිර්මල මරිය නිකායේ සමාජ සංවර්ධනය හා ක‍්‍රමෝපයන් සම්පාදනය මෙන්ම මානුෂීය සේවා ක‍්‍රියාකාරකම් බලගැන්වීම සඳහා ඉතාලියට ගියේ 2004 වසරේ ඔක්තොම්බරයේදීය. එම වසරේදීම දෙසැම්බර් 26 වැනිදා මුහුද ගොඩ ගැලීමේ ව්‍යසනයෙන් විනාශයට පත් පුද්ගලයින්ගේ ඥාතීන්ට සහයදීමට දෙසැම්බර් 28 වැනිදා ශ‍්‍රී ලංකාවට ආවේය. පියතුමාගේ උපදේශකත්වයෙන් හා අධීක්ෂණයෙන් සුනාමි සහන සේවා මධ්‍යස්ථානයක් කොළඹ 10 මරදාන ඞීන්ස් පාරේ සමාජය හා සාමයීක කේන්ද්‍රයේදි ක්‍රියාත්මක විය.

පෙබරවාරි 28 වැනිදා නැවතත් ශ‍්‍රි ලංකාවේන් පිටත්ව ගිය පියතුමා 2009 දක්වාම ඉතාලියේද 2009 සිට මේ දක්වාම  ඕස්ට්‍රේලියාවද සිය සේවා කටයුතු සිදු කළේය.