සංහිඳියා කාර්ය සාධක බළකායේ අවසන් වාර්තාව සකසයි


ජාතික සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාල කාර්ය සාධක බළකාය සංහිඳියාව වෙනුවෙන් වූ ජාතික ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ඇතුලත් අවසන් වාර්තාව සකස් කරමින් සිටින බව එහි සාමාජික ගාමිණි වියන්ගොඩ මහතා පැවැසීය.
 
අධිනීතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම කාර්ය සාධක බළකාය අනුකමිටු මගින් රට පුරා මහජන අදහස් ලබාගත් බවත් ඒ සඳහා වසරකට ආසන්න කාලයක් ගත වූ බවත් හෙතෙම පැවැසීය.
 
ඒ අනුව එහි අවසන් වාර්තාව නුදුරේදීම ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට බාරදීමට නියමිත බව වියන්ගොඩ මහතා වැඩිදුරටත් කීය.