අතීත සිදුවීම් පාඩමක් කරගනිමින් සිංහල දෙමළ වෙනුවට ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ගොඩනගා ගැනීම වෙනුවෙන් සියලු දෙනා එකමුතු විය යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) රාත්‍රීයේ පැවැසීය.
පසුගිය කාලය පුරාවටම රට විවිධ අර්බුද මුහුණ දුන් බවත් අතීත සිදුවීම් බාධාවක් කර නොගනිමින් සංහිඳියා ක්‍රියාවලියට යා යුතු බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි දි කීය.
බම්බලපිටිය ඕසෝ හෝටලයේ පැවැති යාපනය හාර්ට්ලි විශ්ව විද්‍යාලයේ වාර්ෂික මහ සභා රැස්වීම අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම කරුණු කීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසී්‍ය.
“ රටේ විවිධ ජාතීන් ආගම් අතර ගැටුම් ඇතිවුණා. එල්.ටී.ටී.ඊය උතුරේ හා දකුණේ නායකයන් ඝාතනය කළා. ත්‍රස්තවාදය නිසා මූල්‍ය අර්බුද, පවුල් අර්බුද ආදී අර්බුද රැසක් රට තුළ නිර්මාණය වුණා. හමුදාවට සටන් කරන්න තිබුණා. සිවිල් වැසියන් ඝාතනය වුණා. එහෙත් ඒ දේවල් සියල්ල අතීත කරුණුයි. කවුද පහර දෙන්නේ කවුද ඝාතනය වෙන්නේ, කාගේ ජීවිත ද අවදානමේ තියෙන්නේ කියලා හොයාගන්න බැරි කාලයක් අපට තිබුණා. . සිංහල මාධ්‍යයෙන් මේ ගැන ලියැවෙනවා. දෙමළ මාධ්‍යයෙන් මේ දේවල් ලියැවෙනවා. ඒ කිසිවක් අන්තවාදී හෝ ජාතිවාදී නොවිය යුතුයි. අපි සියල්ල මතක තබාගෙන අපි සංහිඳියාව ඇති කරගනිමින් ඉදිරියට යා යුතුයි. අතීතයේ ඇති වූ තුවාල අපි සුව කරගත යුතුයි. අපි බෙදී වෙන්වෙනවා වෙනුවට ශ්‍රී ලාංකික අනන්‍යාතවක් ගොඩනගා ගත යුතුයි. අතීත ක්‍රියාවක් බාධාවක් කර නොගනිමින් සංහිඳියාව ඇති කරගනිමින් අපි ඉදිරියට ගමන් කළ යුතුයි. අලුත් ශ්‍රී ලංකාවක් බිහිකළ යුතුයි.
ඡායාරූප ඉෂංත සුනිමල්