මහනුවර දළඳා මාලිගාවේ මූලිකත්වය ඇතිව පාරම්පරික උඩරට නර්තනය සහ සංස්කෘතික උරුමයන් රැකගැනීම සඳහා පල්ලෙකැලේ ප්‍රාසාංගික පුහුණූ ආයතනයක් ඉදිකිරීමට ඉන්දීය රජය රුපියල් මිලියන 120ක මුදලක් ලබාදීමට තීරණය කර ඇතැයි බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැති සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසීය.
ඊට අදාළ ගිවිසුම් අද (19) බුද්ධ ශාසන අමාත්‍යංශයේ දී ඉන්දීය මහකොමසාරිස් වයි.කේ.සිංහාගේ ප්‍රධානත්වයෙන් අත්සන් තැබිණි.