
(සුමිත් පොතුපිටිය )
තියුණු කඩු පෙන්වා බියවද්දා ගෙවල් බිදුම් සිදුකරන සංවිධානාත්මක කල්ලියක තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ලක්ෂ 50 ක පමණ රන් භාණ්ඩ සහ කඩුවක් සොයාගත් බව කළුතර අපරාධ කොට්ඨාස පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර , වැලිපැන්න සහ අව්ත්තාව ප්‍රදේශයේ පදිංචි තිදෙනෙකු බව පොලිසිය කිය.
දොඩංගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළුව සිදුකල සොරකමක් අනුව ලද පැමිණිල්ලක් අනුව සීසීටීවී දර්ශණ පරීක්ෂා කොට සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමකින් යුත් රන් මාල, මුදු, කරාබු, අත්පාලදනා ඇතුළු රන් භාණ්ඩ සොයාගෙන ඇත.
සොරකම සදහා භාවිතා කල යතුරුපැදිය, අඩි හතරකට ආසන්න දිග කඩුවක්, හිස් වැසුම් සහ ජැකට්ද පොලිස් භාරයට ගෙන තිබේ.
මීට පෙර ගෙවල් බිදුම් කිරීම සම්බන්දයෙන් නඩු පවතින් බවද පොලිසිය කීය. සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

