සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙරටට ගෙන එයි


(ටී.කේ.ජී.කපිල )

දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ලන්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් " ලොකු පැටී " නැමැත්තා අද(04) උදෑසන බෙලාරූස් රාජ්‍යයේ සිට ඩුබායි හරහා කටුනායක ගුවන් තොටුපොළට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් රැගෙන පැමිණ තිබේ .

මොහු කළක් ශ්‍රි ලංකා යුධ හමුදාවේ 07 වන රෙජිමේන්තුවේ සේවය කළ , අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංච් 36 හැවිරිදි පුද්ගලයෙකි .

මොහු ක්ලබ් වසන්ත ඝාතනය ඇතුලු  මිනීමැරුම් , වෙඩි තැබීම් , බෝම්බ ප්‍රහාර  , මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුලු අපරාධ රාශියක් සම්බන්ධව මෙරට අධිකරණ තුළ චෝදනා ලබා ඇත්තෙකි .