යාපනයේ පුංකුඩුතිව්හි 17 හැවිරිදි පාසැල් දැරිය සමුහ දුෂණය කර මරා දැමීමේ සිද්ධියෙන් පසු ඇති වු කලබල සමනය කිරීම සඳහා යාපනයේ මහේස්ත්‍රාත් උසාවිය උතුරේ සංවිධාන තුනකට උද්ඝෝෂණ වැලැක්වීමේ නියෝගයක් නිකුත් කර ඇත.
දෙමළ ජාතික සංධානයේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රී ටී. කුමාර වේලු සභාපතිත්වය දරණ ජනතා බලය සංවිධානය, යාපනයේ කාන්තා බලය හා උතරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි ශෂිදරන් මුලිකත්වය දරණ සංවිධාන එම සංවිධාන තුනයි.

