ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයයේ පාසල් සංවර්ධන සමිති නිලවරණ රැස්වීමේ ඇතිවූ ගැටුමකින් ගුරුවරයෙක් ද, උපාධිධාරී අභ්‍යාස ලාබියෙක් ද තුවාල ලදහ.
රැස්වීම සහ නිලවරණය නිත්‍යනුකූල නොවන බව හිටපු ලේකම් අජිත් රාජපක්ෂ මහතා කියයි.
විදුහල්පති ලයනල් විජේසිංහ මහතා පැවසුවේ මව්පියන්ට ලිඛිතව දැනුම් දී මෙම මහ සභාව සහ නිලවරණය පැවැත්වූ බවයි.
දෙදහසක පමණ මවුපියන් පිරිසක් පැමිණ සිටි බවත්, අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ පිරිසක් කලහ කළ බවත් ඔහු කියයි.