සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත ලබන පෙබරවාරියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම පැවසීය.
සුපිරි අමාත්‍ය ධුරයක් නිර්මාණය කිරීමේ කිසිදු අරමුණක් ආණ්ඩුවට නැති බවත් මෛත්‍රිපාල සිරිසේන ජනපති දැනටමත් මෙම පනත් කෙටුම්පතට අවසර දී ඇති බවත් ඔහු පැවසීය.
මෙම පනතින් කිසිදු අයුරකින් පළාත් සභාවල බලතල අඩු නොවන බව කී අමාත්‍යවරයා විශේෂ ආයතනයක් පිහිටුවමින් ආයෝජකයන්ට පහසුකම් සපයන බවත් එම ආයතනය ඔස්සේ වංචා කිරීමේ කිසිදු අරමුණක් ආණ්ඩුවට නැති බවත් කීවේය.
හම්බන්තොට වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චීනයේ ‘චයිනා මර්චන්ට්’ සමාගම එක්ව හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන බවත් ඔහු පැවසූවේය.
හම්බන්තොට වරාය ඉදිකළ ද පසුගිය ආණ්ඩුව එයින් ආදායම් ජනනය කරන ක්‍රමවේදයක් සකසා නැති බවත් පසුගිය රජය එහි අනාගතය පිළිබඳ කිසිදු සැලැස්මක් නොමැතිව කටයුතු කර ඇතැයි ද පැවසීය.


