ලොතරැයියක මිල රුපියල් 30 කිරීමෙන් පසු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආදායම සතියක් ඇතුළත රුපියල් මිලියන 50 කින් හෙවත් කෝටි 5 කින් පමණ පහත බැස ඇතැයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.
සාමාන්‍යයෙන් එම මණ්ඩලය සතියකට රුපියල් මිලියන 200ක පමණ ලොතරැයි අලෙවි කරන බවද, ලොතරැයි මිල වැඩි කිරීමෙන් පසු ලොතරැයි අලවිය 25% කින් පමණ අඩු වූ බව ද සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මුදල් අමාත්‍යංශයෙන් ලොතරැයියක මිල රුපියල් 30 දක්වා වැඩි කළ ද එම යෝජනාව ආපස්සට ගෙන ලොතරැයියක් රුපියල් 20 ටම අලෙවි කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. එසේ වුවද රුපියල් 30ට මුද්‍රණය කළ ලොතරැයි පත් තොගය අවසන් වන තුරු රුපියල් 20 ට අලෙවි කළ නොහැකි බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීහු කියති.

