දිවයින පුරා පාසල් වල 8 දින පැවති ඩෙංගු මර්දන, එච් .අයි .වි . එඩ්ස් නිවාරණ, ඝන අපද්‍රව්‍ය බැහැර කිරිම, මත් ද්‍රව්‍ය පිටු දැකිම, ළමා හිංසන පිටු දැකිම යන තේමා යටතේ පැවති පා ගමනක් කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ සිසුන් ද එක්ව පා ගමනක් සංවිධානය කර තිබිණි.
දරුවන්ගේ ලෝකය සුන්දර කිරිමට වැඩිහිටියන්ට එක්වන ලෙසත් ළමයින්ට සිදුවන හිංසන වැලැක්විම දෙමාපියන්ගේ සහ වැඩිහිටියන්ගේ යුතුකමක් බවත් දරුවන් තම පා ගමනින් පිළිඹුහු කර තිබුනි.
මෙම පා ගමන පාසලේ ආචාර්‍ය මංඩලයේ සහ විදුහල්පති ඒ.එච්.එම් . ප්‍රියන්ත සමන් කුමාර මහතාගේ මග පෙන්විම යටතේ සංවිධානය කර තිබුනි.
ඉන්දියාවේ පැවැති 12 වැනි දකුණු ආසියා ක‍්‍රීඩා උළෙලේදී මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගත් නිමාලි ලියනාරච්චිට සුරියවැව සහ කොළඹින් නිවාස දෙකක් ලබා දීමට නිවාස සහ ඉදිකිරීම් ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා තීරණය කර තිබේ.
නිමාලි සිය සොහොයුරාට අයත් සුරියවැව දොම්පේයාය මහවැලිකඩඅර ප‍්‍රදේශයේ නිවසක පදිංචි වී සිටියි.
යාපනය තෙලිප්පලෙයි යතුරුපැදි අනතුරකින් දෙදෙනෙකු මිය ගිය බව තෙලිප්පලෙයි පොලීසිය කියයි.
කොළඹ මැගසින් බන්ධනාගාරයේ උපවාස කරන දෙමළ දේශපාලන සිරකරුවන්ගෙන් කීපදෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් වහාම නිදහස් කරන මෙන් ඉල්ලා උපවාසයක් ආරම්භ කොට ඇත.
මන්නාරම් පුරවැසි කමිටුව හා යාපනයේ මහජන සංවිධාන කීපයක් යාපනය මුනියප්පර් කෝවිල අසල උපවාසයක් ඇරඹීය.




