රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා එකදු දෙමළ මාධ්‍ය පාසලක් නැතැයි දෙමව්පියෝ කියති.
හතළිස් දහසකට ආසන්න ජනගණයක් එහි සිටිතියි කියති.ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මිල්ලවිටිය දෙමල විද්‍යාලයේ දැනට අටවන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙයි.
එහි ගොඩනැගිලි සහ භෞතික සම්පත් තිඛෙන නිසා අපොස සාමාන්‍ය පෙළ දක්වා දෙමළ මාධ්‍යයේ පන්ති ආරම්භ කරන ලෙස ඇලපාත ප්‍රාදේශීය ලේකම්වරිය රත්නපුර දිස්ත්‍රික් සම්බනධිකරණ කමිටුවෙන් ද ඉල්ලීමක් කර ඇත.
දඹුල්ල අව්ඩන් ගාව ප්‍රදේශයේ නිවසක් පිටුපස ලිදකට වැටි සිටි එකැස් අලියා ගොඩගෙන කැලයට යැවූ බව වනජීවී නිළධාරියෝ කියති.
මේ අලියා 22 උදේ 6.15 ට පමණ නිවස ඉදිරිපිටට පැමිණ ඇත නිවෙස් හිමියන් අලියා පලවා හරිද්දී ඉදිරි පිට ඇති වෙළදසලක වහලයේ හැපී නිවාස පිටුපස ලිදකට වැටි ඇත ,පසුව බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් අලියා ගොඩ ගත්හ ,මේ අලියා නිරන්තර මිනිස් වාසයේ සිටි එක ඇසකට වෙඩි වැදී ඇත.
මෙරට සියළුම ජාතික උද්‍යාන වලට පොලිතින් හා ඉටි කවර ගෙන යෑම තහනම් කරන ලෙසට උද්‍යාන බලධාරීන්ට වහා දැනුම් දෙන ලෙසට වනජීවී හා තිරසාර සංවර්ධන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අමාත්‍යංශ ලේකම් ආර්.එම්.ඩී.බී මිගස්මුල්ල මහතාට දැනුම් දුන්නේය.
මරා මස් කිරීමට සිටි මුහුදු කැස්බෑවන් දෙදෙනෙකු සෙත් පිරිත් සජ්ජායනා මැද යළි මුහුදට මුදා හැරීමේ පින්කමක් අද නවම් පුර පොහෝ දින පෙරවරුවේ ඉඳුරුව කයිකාවල වෙරල තීරයේදී දී සිදු විය
වසර අටක් පමණ වයසැති කිලෝ ග්‍රෑම් 60 ක් බැගින්වූ බටු කැස්බවෝ දෙදෙනෙක් මෙසේ මුදාහරිනු ලැබූහ.

