සංඥා හා සංකේත පොතක්


කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක බණ්ඩාර මහතා විසින් රචිත ‘ලාංකේය ලිංගික සංස්කෘතියේ සංඥාර්ථවේදය‘ කෘතිය දොරට වැඩීමේ උත්සවය නොවැම්බර් 20 වැනිදා පස්වරු 3 ට මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මෙදින ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිස්ස කාරියවසම් සහ ආචාර්ය ටියුඩර් වීරසිංහ යන විද්වත්හු දෙසුම් පවත්වති.