සංඥා කුළුනු දුම්රියට කුලුණු නොදක්වයි


ප්‍රධාන දුම්රිය මාර්ගයේ හා කොළඹ මීගමුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකියැයි දුම්රිය පාලක මැදිරිය පවසයි. දෙමටගොඩ හා පල්ලේවෙල අතර පිහිටි සංඥා කුළුණුවල සිදුව ඇති දෝෂයක් හේතුවෙන් මේ තත්ත්වය ඇතිවී තිබෙන බව දුම්රිය ප්‍රකාශකයකු කියා සිටියේය.