(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පාතාල ලෝකය දෙදරුම් කෑමට සමත් වූ ගනේමුල්ල සංජීවගේ ඝාතනයේ නීතිඥ වෙස්ගත් වෙඩික්කරු සහ මේ වන විටත් පොලිසියට වසන් වී සිටින ගිනි අවිය අධිකරණය වෙත රැගෙන ආ සැකකාරිය දිවුලපිටිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට ගොස් භාණ්ඩ මිලදී ගන්නා අයුරු සීසීටිවි කැමරාවක සටහන් වී තිබිණි.
ගනේමුල්ල සංජීව ඝාතනයට දින දෙකකට ඉහත දී එනම් 17 වෙනි දින දහවල් 2.17 ට පමණ එම වෙළඳසැලට පැමිණෙන ඔවුන් දෙදෙනා කුඩා භාණ්ඩ කීපයක් මිලදී ගැනීමෙන් අනතුරුව කිරි බෝතල් දෙකක්ද පානය කරන අයුරු එහි සටහන් වේ.
පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අතුරුදහන්ව සිටින සැකකාරියගේ මව , පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු 11 දෙනෙකු පොලිසිය මින් අත්අඩංගුවට ගෙන ඇත.
සංජීවගේ ඝාතනයට අදට හරියටම දින නවයකි .මීගමුව - කටු වැල්ලේගම පාර අංක 243 හි පදිංචි පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ නමැති 25 හැවිරිදි කාන්තාව ආරක්ෂක අංශවලට මෙන්ම බුද්ධි අංශවලට මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිි වී ඇත.